Thursday, May 3

කරපිංචා / Curry leaves

විද්‍යාත්මක නාමය / Scientific Name :  Murraya koenigii

සාමාන්‍ය නම / Name : Curry leaves

කරපිංචා ස්වාභාවික ආහාර රසකාරකයකි. කරපිංචා වල ඉතා වටිනා ඖෂධ ගුණ රාශියක් ඇත. කරපිංචා වල කැල්සියම්, පොස්පරස්, යකඩ, මැග්නීසියම් වැනි ශරීරයට අවශ්‍ය ඛනිජ වර්ග, නිකොටිනික් අම්ලය සහ විටමින් C, A, B, E , කාබෝහයිඩ්‍රේට් සහ තන්තු අඩංගු වේ.

කරපිංචා,
කෑම රුචිය ඇති කරයි.
කොලෙස්ටරෝල් පාලනය කරයි.
වකුගඩු ආශ්‍රිත රෝග සහ අර්ශස් රෝග සදහා ගුණදායක වේ.
උදර සහ ආන්ත්‍රික රෝග වලට ගුණදායක වේ.
පිළිකා කාරක සෛල වලට (පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත) එරෙහිව ක්‍රියා කරයි.
ශරීරයේ ඇති විෂ ඉවත් කර සැහැල්ලු බව ඇති කරයි.
ශරීරයේ තරබාරුව නැති කරයි.
බුද්ධිය වර්ධනය කරයි.
හිස කෙස් වර්ධනය කරයි.
අක්මාව, සම සහ ඇස් යන ඉන්ද්‍රියයන්ට හිතකර වේ.


Curry leaves are the leaves of the curry tree which is native to India and Sri Lanka.

Nutrients in Curry leaves are 
Carbohydrate, fiber, calcium, phosphorous, ironmagnesium, nicotinic acid and vitamin Cvitamin Avitamin Bvitamin E, antioxidants, plant sterols, amino acids, glycosides, and flavonoids.

Curry leaves is,

increase appetite.
lower Cholesterol level.
good for hair, skin and eye.
good for gastrointestinal issues.
protect the liver.
fight against cancer. (specially prostate cancer)
use in diabetes control.



Sunday, March 11

ගොටුකොළ කැඳ (Gotukola Kada)

විද්‍යාත්මක නාමය - Centella asiatica 

සාමාන්‍ය නම් -  centellaAsiatic pennywort or Gotu kola

විටමින් A,G,K සහ Mg ඉතා ඉහල ලෙස අඩංගු වේ.

පහසුවෙන් සොයාගත හැකි පලා වර්ගයකි. රසයෙන් හා ගුණයෙන් වැඩියි. කැඳ සෑදීමට සම්පූර්ණ ගොටුකොළ ශාකයම යොදා ගනියි. ලෙඩ රෝග බොහොමයක් සුවකිරීමට හේතුවන ඔසුවකි.

බුද්ධිය වර්ධනය කරන, ධාරණ ශක්තිය ඇති කරන, මොළයට ඉතා ගුණදායක කැඳ වර්ගයකි.
කුඩා ළමුන්ගේ මොළය වර්ධනය කරගැනීමට ගොටුකොළ කැඳ සුදුසුය.
රුධිරය පිරිසුදු කරන අතර චර්ම රෝග, පණු රෝග නැති කරයි.
සිරුරට සිසිලස ලබා දෙයි. සම පැහැපත් කරයි.
හිසකෙස් වර්ධනය කර දීප්තිමක් කරවයි.
ඇස් පෙනීමේ දුර්වලතා නැති කරයි.
කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වැඩිකිරීමටද උදව් වේ.
කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලට ගුණදායක වේ.
රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව පවත්වා ගෙන යාමටත් ක්‍රියාශීලි බව රැක ගැනීමටත් උදව් වෙයි.





Friday, March 9

කොළ කැඳ වල ඇති ගුණ (Nutrition of Gruel make by green leaves)

කොළ කැඳ කියන්නේ, ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ කෑම වේලවල් වලට එක්කර ගත් කෑම වට්ටෝරුවකි. ඒ වගේම කොළ කැඳ කියන්නේ ගොඩක් හොඳ ඔසු පැනක් වේ. ගොටුකොල, මුගුණුවැන්න, ඉරමුසු, මොණරකුඩුම්බිය, පොල්පලා, වැල් පෙනල, කරපිංචා, උදුපියලිය, හාතාවාරිය වැනි විවිධ ඖෂධීය ගුණ ඇති කොළ වර්ග එකක් හෝ කිහිපයක් යොද ගෙන මෙම කැඳ සාදයි. මෙවැනි කොළ වර්ගවල යුෂ, පොල් කිරි සහ කැකුළු සහල් භාවිතා කර කැඳ සාදයි.  

මේ කොළ කැඳ හැම එකකටම සුවිශේෂී වූ "රෝග සුව කිරීමේ" හැකියාවක් තිබේ. ශ්‍රී ලංකාවේ භාවිතා වන අපට පහසුවෙන් සාදා ගත හැකි කොළ කැඳ වර්ග, ඒවායේ ඖෂධීය ගුණ පිළිබදව අපි දැනගමු.